හිරු පස්සර වාර්තාකරුට වෛද්‍යවරයෙක් පහර දෙයි

Tuesday, 23 May 2017 - 20:16

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බදුල්ල - දෙයියන්නේවෙල පාලම අසල රිය අනතුරක් ආවරණය කිරීමට ගිය හිරු පස්සර වාර්තාකරු අරුණ ජයලත් දිසානායක මහතාට අනතුරට පත් රථයේ අයිතිකරු පහර දීමක් සිදුකර තිබෙනවා.

පහරදීම සිදුකළ පුද්ගලයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.

බදුල්ල, දෙයියන්නේවෙල පාලම අසල සිදු වූ රිය අනතුර වාර්තා කිරීමට ගිය අප පස්සර වාර්තාකරු මෙම පහරකෑමට ලක්ව ඇත්තේ අද පස්වරු 3.30 ට පමණ.

මේ සම්බන්ධයෙන් හිරු වාර්තාකරු බදුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පසුව බදුල්ල පොලිසිය පහරදීම සිදුකළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඊයේ පැවති එක්දින සංඛේත වැඩවර්ජනය ආවරණය කිරීමට මාතර මහ රෝහල වෙත ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරු අදීෂ ආරියතිලක මහතාට පහරදුන් රෝහල් ආරක්ෂක අංශයේ අත්අඩංගුවට පත් නිලධාරීන් දෙදෙනා අද ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියෙන් තුවාල වූ අප ප්‍රාදේශීය වාර්තාකරු මේ වන විටත් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මාතර වැඩබලන මහේස්ත්‍රාත් ශර්ලි ජයවීර මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් රෝහල් ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනා ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දී ඇති අතර ලබන 29 වැනිදා නඩුව යළි කැඳවා තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories