මැටි වලකට බිලිවූ දන්කොටුව දැරිය

Wednesday, 24 May 2017 - 19:40

%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
දන්කොටුව මැටිකෝටුව ප්‍රදේශයේ  මැටි ඉවත් කරන ලද වලකට නෑමට ගිය එකලොස් හැවිරිදි දැරියක් මැටි වලේ ගිලීමෙන් මිය ගිය පුවතක් වාර්තාවනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සුබ්‍රමනියම්  නිලක්ෂි නමැති දන්කොටුව තාබරකුලිය ප්‍රදේශයේ  උළු මෝලක සේවයේ නියුතු පවුලක හතරවෙනි දරුවායි.

 අද (24) පස්වරුවේ  කුඩා දරුවන් පස් දෙනෙකු මේ මැටි වලට නෑමට ගොස් ඇති අතර එහිදී දෙදෙනෙකු දියේ ගිලි තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් එකතුව මේ දෙදෙනා ගොඩට ගෙන ඇති අතර බරපතල තත්වයේ පසුවූ මියගිය දැරිය දන්කොටුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාරවිල රෝහලට මැරූ කර යැවු අතර එහිදී  මේ දැරිය මියගොස් තිබෙනවා.

මේ ස්ථානයේ මිට පෙරද පුද්ගලයන් හතරදෙනෙකු මිය ගිය බව ප්‍රදේශවාසීන් පවසනවා.

දන්කොටුව පොලිසිය මේ පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories