දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් මරුට (ඡායාරූප)

Thursday, 25 May 2017 - 7:36

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මන්නාරම මහ පාලම අසලදී දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් මියගොස් තිබෙනවා.

ඊයේ සවස 6.15 ට පමණ කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වු දුම්රියේ ගැටීමෙන් දැරිය මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ මන්නාරම උප්පුකුලම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක්.

ඇය ලියන ලද ලිපියක් ගමන් මල්ලේ තිබී හමුවී ඇති අතර මව නොසලකා හැරීම හේතුවෙන් සියදිවි හානිකර ගන්නා බවට එහි සඳහන්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඇය දුම්රියට පැන සියදිවි හානි කරගන්නට ඇති බවයි පොලිසිය කළ මුලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙනවා.

මන්නාරම පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories