ඉඟිනියාගල පාසලක දෙමව්පියන් පිරිසක් කිලෝමීටර 150 ක් ගෙවා බදුල්ල පළාත් සභාවට පැමිණෙයි

Thursday, 25 May 2017 - 7:43

%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+150+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මොණරාගල - බිබිල අධ්‍යාපන කලාපයට අයත් ඉඟිනියාගල - ඞී.එස්.සේනානායක විදුහලේ සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් කිලෝමීටර් 150 ක් පමණ දුර ගෙවා කුළියට ගත් බස් රථයකින් බදුල්ලේ පිහිටි පළාත් සභා සංකීර්ණය වෙත ඊයේ පැමිණියා.

පෙර දැනුම්දීමකින් තොරව පැමිණි ඔවුන් චෝදනා කළේ පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ උපදෙස් මත පසුගිය ජනවාරියේ සිට මෙම පාසලට විදුහල්පතිවරයෙක් පත් කළද ඔහු මෙතෙක් වැඩභාරගෙන නොමැති බවයි.

එසේම, පළවන සහ තුන්වන ශ්‍රේණි සඳහා ගුරුවරුන් නොමැති බවටද පළාත් ප්‍රධාන ඇමතිවරයා මුණ ගැසීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමව්පියන් ප්‍රකාශ කළා.

දෙමාපියන් පැමිණෙන අවස්ථාවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සභා ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ රැඳී සිටියේ ඔහුගේ මහජන දිනය හේතුවෙන්.

දෙමව්පියන් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ විදුහල්පතිවරයෙකු නොමැති නම් ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධානී ගුරුවරයා විදුහල්පති ලෙස පත් කරන ලෙසටයි.

එම අවස්ථාවේදී ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ප්‍රධාන අමාත්‍යවරයා අදාළ ගැටලූව විසඳන ලෙස උපදෙස් ලබාදුන්නා.

අනතුරුව දෙමව්පියන් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය මුණ ගැසුණු අතර, එහිදී බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඇය විමසා සිටියේ ඉඟිනියාගල ඞී.එස්.සේනානායක විදුහලේ ගුරු ගැටලූවට මෙතෙක් විසඳුම් ලබා නොදුන්නේ මන්ද යන්නයි.  

කෙසේ වෙතත්, පසුව දෙමව්පියන් නම් කරන ගුරුවරයා මෙම විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්කරන ලෙසට බිබිල අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් දුන් ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, ප්‍රාථමික අංශය සඳහා පුහුණු ගුරුවරියක් සහ සංගීත අංශයට අලූත් ගුරුවරියක් ලබාදෙන බවටත් ප්‍රකාශ කිරීම නිසා දෙමව්පියන් පිරිස එම ස්ථානයෙන් පිටව ගිය බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories