update: පිළියන්දල බස් වර්ජනය අවසන්

Thursday, 25 May 2017 - 8:17

update%3A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
වේලා සටහන්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පිළියන්දල නගරයෙන් ආරම්භවන මාර්ග කිහිපයක පෞද්ගලික බස් සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

341, 342, 295, 158 සහ 157 යන මාර්ග අංකවල මෙම වර්ජනය අද උදෑසන ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් අදාළ වේලා සටහන්කරු මුදාහැරීමට පොලීසිය පියවර ගැනීමත් සමග වර්ජනය අත්හිටවූ බවයි බස් රථ රියදුරෙකු කියා සිටියේ.

--------------------------------------------------------------------

වේලා සටහන්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පිළියන්දල නගරයෙන් ආරම්භවන මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

341, 342, 295, 158 සහ 157 යන මාර්ග අංකවල මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

වර්ජනයට එක්ව සිටින බස් රථ රියදුරෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පිටස්තර පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලකට සම්බන්ධ බව කියමින් පිලියන්දල පොලීසිය මෙම වේලා සටහන්කරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories