update: ලක්ෂපාන ඇල්ලෙන් පැන අතුරුදන්වු මවගේ සිරුරත් හමුවෙයි (ඡායාරූප)

Thursday, 25 May 2017 - 8:21

update%3A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේදී මාස දෙකක් වයසැති දියණිය සමග ලක්ෂපාන දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන්වූ මවගේ සිරුර අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලක්ෂපාන දියඇල්ලට පහලින් පිහිටි කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය නිකුත් කරන ජල ටැංකියේ ආරක්ෂිත දැලේ පැටලී තිබියදී එම සිරුර සොයාගෙන ඇති බවයි.

මෙම කාන්තාව තම මාස දෙකක් වියැති බිළිඳිය සමග ලක්ෂපාන දිය ඇල්ලට ජලය ගලා එන කැළණි ගංඟාවේ අතු ගංඟාවකට පැන තිබුණේ ඊයේ රාත්‍රියේයි.

පසුව දියණියගේ සිරුර ලක්ෂපාන දියඇල්ල පහළ කොටසේ තිබී අද අලූයම සොයාගනු ලැබුවා.

මෙලෙස සියදිවි හානිකරගනු ලැබූ මවගේ වයස අවුරුදු 30 ක් වන අතර මොවුන් නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවන්.

update: Thursday, 25 May 2017 - 8.21
-----------------------------------------------------------------------

ලක්ෂපාන දිය ඇල්ලට ජලය ගලා එන කැළණි ගංඟාවේ අතු ගංඟාවකට පැන අතුරුදන් වු බවට සැක කෙරෙන කාන්තාවක් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම කාන්තාව සමග සිටි මාස 2 ක් වයසැති බිළිඳාගේ සිරුර අද අලුයම සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ ලක්ෂපාන දිය ඇල්ල ආසන්නයේ පෞද්ගලික විදුලි බලාගාරයක් අසල රැඳී තිබියදීයි.

සිය බිළිඳාට ත්‍රිපෝෂ රැගෙන ඒමට යන බවට පවසා ගිය මෙම කාන්තාව යළිත් නොපැමිණීම හේතුවෙන් ඊයේ රාත්‍රී පවුලේ සාමාජිකයන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව කළ විමර්ශණයකදී ඇයගේ ඇඳුම් කිහිපයක් දිය ඇල්ල අසල තිබී හමුවී ඇතැයි සඳහන්.

ඒ අනුවයි පොලිසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතවී ඇත්තේ.

අනතුරුව අද අලුයම 2 ට පමණ කුඩා බිළිඳාගේ සිරුර හමුවී තිබෙනවා.

පොලිසිය සැක පළකරන්නේ 30 හැවිරිදි කාන්තාව දරුවා සමග ඇල්ලට පැන සියදිවි හානිකර ගන්නට ඇති බවටයි.

මෙම කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව ද සඳහන්.

පවුල් ආරවුලක් හේතුවෙන් ඇය සියදිවි හානිකර ගන්නට තැත්කර ඇති බවට ද පොලිසිය සැක පළකරනවා.

ඔවුන් නෝර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවන්.

බිළිඳාගේ සිරුර ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories