ගං වතුර අවදානමක් හේතුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක්

Friday, 26 May 2017 - 13:48

%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අධික වර්ෂාව හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොළඹ නගරයට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කඩුවෙල,වත්තල, කැළණිය යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් උත්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ අදාළ අනෙකුත් ආයතන වෙත උපදෙස් දී ඇත්තේ අදාල ප්‍රදේශවල ස්වභාවික ඇල මාර්ග හා ජලමාර්ග අවහිර වන සේ ගොඩනගා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් පසු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ජන ජීවිතය ආරක්ෂා කිරීමට ඉහත පියවරයන් ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන මෙන් මහජන නියෝජතයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories