හෙලිකොප්ටර් යානයයෙන් ඇද වැටී අනතුරට ලක්වූ ගුවන් හමුදා සෙබලා මියයයි

Saturday, 27 May 2017 - 8:30

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නෙලුව ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් හමුදා සෙබලා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ අද අලුයම මෙම සෙබලා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහුගේ වයස අවුරුදු 37ක් වන අතර ඊයේ දිනයේදී සහන මෙහෙයුම් අතරතුර දී හෙලිකොප්ටරයේ කේබල් රැහැන කඩා වැටීමෙන් ඔහු ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

ගං වතුරට හසුවූ පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් මුදා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ආපදාවට ලක්වූවන් මුදා ගැනීම සඳහා නාවික හමුදාවෙන් කණ්ඩායම් 60කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories