නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීමේ අවදානමක් (ඡායාරූප)

Saturday, 27 May 2017 - 10:26

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නිල්වලා ගඟ මාතර නගරය ආශ්‍රිත ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් මාතර - බණ්ඩත්තර ඇතුළු ප්‍රදේශ ගණනාවක අවදානම් තත්ත්වයක් මතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ නිසා නාඳුගල, බණ්ඩත්තර, වටගෙදර, මතුගල වේල්ල, පිලදූව සහ වේරගම්පිට ප්‍රදේශවල සිටින ජනතාවට කඩිනමින් ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවලින් පැමිණෙන ජල ධාරා බණ්ඩත්තර, නාඳුගල වේල්ල අසළින් පිටාර ගැලීමේ අවදානමක් මතුවී ඇති හෙයිනුයි ඔවුන්ට මෙලෙස ඉවත්වීමට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර, මාතර, ගොඩගම ප්‍රදේශය ද මේ වන විට අඩි 4ක පමණ ජලයෙන් යට වී ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු අමිලනාත් මාසිංහ සඳහන් කළේ.

මේ අතර, ගං වතුර සහ නාය යාම්වලින් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් මේ වන විට කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

එලෙස ආධාර රැගත් තවත් නැවක් හෙට දිනයේ පැමිණෙන බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ නිවේදනය කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා අපේම මිනිසුන් සමඟ එක්ව දියත් කෙරෙන ‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි.

ගං වතුර සහ නාය යාම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා හැකි පමණ දායකත්වයක් ලබාදෙන ලෙස හිරු ශ්‍රාවකයන්ගෙන් ද ඉල්ලීමක් කෙරෙනවා.

වියළි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජල බෝතල් නුගේගොඩ - නාවල පාරේ අංක 156න් දෙක දරණ ස්ථානයේ පිහිටි හිරු විශේෂ ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට භාර දිය හැකියි.

වැඩි විස්තර සඳහා 0114799770 හෝ 0773035926 දුරකථන අංක අමතන්න.



ඡායාරූප - මාතර කැලුම් බෝධිමාන




 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories