ආපදා රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය නොමිළේ

Saturday, 27 May 2017 - 14:25

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B7%9A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ආපදා රථවලට ගාස්තු රහිතව ධාවනය කිරීමට අවස්ථාව සලසා දී ඇති බව රජය පවසනවා.

මීට අමතරව අධිවේගී මාර්ගය දෙපස සිටින ගං වතුරට කොටු වී ඇති ජනතාවට අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂිත වැටවල් ඉවත් කර පිවිසීමට අවස්ථාව ලබාදෙන බව ද සඳහන්.

අද පෙවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව කියා සිටියා.  

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම උදෙසා අපේම මිනිසුන් සමඟ එක්ව දියත් කෙරෙන ‘‘රට වෙනුවෙන් හිරු, මහා ජල ගැල්මෙන් පීඩාවට පත්වූවන් උදෙසා, හිරු සහන සැලසීමේ ක්‍රියාන්විතය’’ දැන් ක්‍රියාත්මකයි.

ගං වතුර සහ නාය යෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා හැකි පමණ දායකත්වයක් ලබාදෙන ලෙස හිරු ශ්‍රාවකයන්ගෙන් ද ඉල්ලීමක් කෙරෙනවා.

වියළි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජල බෝතල් නුගේගොඩ - නාවල පාරේ අංක 156න් දෙක දරණ ස්ථානයේ පිහිටි හිරු විශේෂ ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට භාර දිය හැකියි.

වැඩි විස්තර සඳහා 0114799770 හෝ 0773035926 දුරකථන අංක අමතන්න.

මීට අමතරව රට වෙනුවෙන් හිරු, මහා ජල ගැල්මෙන් විපතට පත්වූවන් උදෙසා හිරු සහන සැලසීමේ ක්‍රියාන්විතය තවත් ස්ථාන කිහිපයකදී ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව මොරටුව, රාවතාවත්ත, ශ්‍රී වාචීස්වර භාවනා මධ්‍යස්ථානය, 0112 647247 දුරකථන අංකයෙන් දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය 0777 250 370 යන දුරකථන අංකයෙන්, ගම්පහ - මැදගම සිරි සුනන්දාරාමය 033 2222 413 දුරකථන අංකයෙන්, නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය 0522235244 යන දුරකථන අංකය ඇමතීමෙන් ඔබ සහනාධාර ලබාදිය යුතු ආකාරය පිළිබද තොරතුරු ලබා ගත හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories