29 වනදා සිට යළිත් වැසි වැඩිවෙයි

Saturday, 27 May 2017 - 16:55

29+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තද වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් දක්නට ලැබුන ද 29 වනදා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර / සබරගමුව / දකුණ / මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි ඔවුන් නිවේදනය කළේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ද බලාපොරොත්තු වනවා.

විශේෂයෙන් ඌව සහ නැගෙනහිර ඇතුලු අනෙක් පළාත්වල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වන තරමක් තද සුළං ද ඇති වනවා.

වැසි ඇතිවන අවස්ථාවලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories