ආපදාවට පත්වුවන්ට කණගාටුව පළකරමින් හිටපු ජනපතිගෙන් නිවේදනයක්

Saturday, 27 May 2017 - 17:50

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පවතින ආපදා තත්වය හමුවේ විපතට පත්වුවන්ට ශෝකය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විපතට පත්වුවන්ට උදව් කිරීමට සෑම තරාතිරමකම ජනතාව ඉදිරිපත්වීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වන බවයි.

එමෙන්ම ආපදා සහන කටයුතුවලදී ඉදිරියෙන්ම සිටින ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන්ට ප්‍රණාමය පළකරන බව ද මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

එමෙන්ම සහන මෙහෙයුමකදී ජීවිතය අහිමිවු ගුවන් හමුදා සෙබලාගේ පවුලේ සාමාජිකයන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ද හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ  නිවේදනයේ සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories