ගංගා පහළ තවමත් ගංවතුර - දිස්ත්‍රික්ක 8 ක ඉදිරියටත් නායයාමේ අවදානම්

Saturday, 27 May 2017 - 19:29

%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+8+%E0%B6%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
වැසි අඩුවුවත්, ගංගා පහළ කොටස්වල තවමත් ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැළණි සහ නිල්වලා යන ගංගා දෙකෙහි එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් නිල්වලා යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ගං වතුර බැමි වලට ඉහළින් ජලය ගලා යාම හේතුවෙන් එම බැමි කැඩී යාමේ අවදානමක් පවතින බව ද ගාල්ල හා මාතර වාරිමාර්ග අධ්‍යක්ෂිකා දීපිකා ත්‍රිමාවිතාන ප්‍රකාශ කළා.

 එම නිසා එම බැමි ආසන්නයේ පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට ද ආපදා අංශ පියවර ගත්තා. කැළණි ගග පහළ කොටසේ දෙපස ජනතාවට ද තවමත් ගංවතුර අවදානම පවතිනවා.

මේ අතර, සහන සැලසීමේ කටයුතු පිළිබදව දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද දහවල් මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ යුද හමුදාවේ නිලධාරින් 1500 ක් මෙහෙයුම් සදහා යොදවා ඇති බවයි.

එසේම, නාවික හමුදාවේ යාත්‍රා සහ කණ්ඩායම් 68 ක් සහන මෙහෙයුම් සදහා යොදවා ඇති අතර, ආපදාවට පත්වූ සියලූම දිස්ත්‍රික්කවල සහන සැලසීමේ කටයුතු සදහා නාවික හමුදාවේ බෝ්ට්ටු 30 ක් සහ නිලධාරින් 400 දෙනෙකු යොදවා තිබෙනවා.

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් 9 ක් අද දිනයේ මෙහෙයුම් සදහා යොදවා ඇති බව මෙහිදී හෙළි වුණා.

ත්‍රිවිධ හමුදා මුදා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයන් 3927 දෙනෙකු අද දහවල් වනවිට මුදා ගැනීමට හැකිවූ බවයි වාර්තා වුණේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ සියලූම රාජ්‍ය නිලධාරින්ට බාධාවකින් තොරව සහන සැලසීමේ කටයුතුවලට දායක වීම සදහා චක්‍රලේඛවලින් තොරව ක්‍රියා කිරීමට බලය ලැබෙන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම දැනට නිවෙස්වල රැදී සිටින සියලූම ජනතාවට ඉන් ඉවත් වන ලෙසට ඉල්ලා සිටි අමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂිත කබා දස දහසක් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද කියා සිටියා.

මේ අතර, දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයාමේ අවදානම් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර සඳහන් කළා.

අද පස්වරු එකේ සිට පැය 24 ක් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මකයි.

ගස් හෝ කණු ඉදිරීයාම, ගොඩනැගිලි හෝ බිත්ති ඉරිතැලීම වැනි පූර්ව නායයාමේ සලකුණු පිළිබදව අවධානයෙන් සිටින ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම පවතිනවා.

වැසි අඩුවීමක් දක්නට ලැබුණ ද අනිද්දා දිනයෙන් පසු යළි දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories