‘‘රට වෙනුවෙන් හිරු’’, සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත් - ආධාර ද්‍රව්‍ය එක්රැස් කෙරෙන විශේෂ රථ පෙරහරක් තොටලඟින්, හලාවතට (ඡායාරූප)

Sunday, 28 May 2017 - 7:47

%E2%80%98%E2%80%98%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E2%80%99%E2%80%99%2C+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%BD%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු මාධ්‍ය ජාලය මේ වනවිට දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මහා ජල ගැල්මෙන් ආපදාවට පත්වූවන් උදෙසා ‘‘රට වෙනුවෙන් හිරු’’ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කර ඇත්තේ ඒ අනුවයි.

දුකේදීත් සැපේදීත් නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටින හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය, අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කළා.

මහා ජල ගැල්මෙන් පීඩාවට පත්වු අපේම ජනතාවට පිහිටක් වීම මුඛ්‍ය පරමාර්ථය කරගත් එය ‘‘රට වෙනුවෙන් හිරු’’ හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සදහා වියළි ආහාර ද්‍රව්‍ය, පිරිසිදු පානීය ජලය, අලූත් ඇඳුම් පැළඳුම්, ඖෂධ වර්ග, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පාසල් උපකරණ ආදී ද්‍රව්‍ය භාරදිය හැකියි.

ඒ අනුව, විපතට පත් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ආධාර ලබාදීම සදහා ස්ථාපිත කර ඇති අපගේ ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානය 156 / 2, නාවල පාර, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබෙනවා.

අපගේ මෙම ව්‍යාපෘතිය පිලිබදව කන වැකුණු මොහොතේ සිට සංවේදී වූ මිනිසුන් විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් බඩුබාහිරාදිය රැගෙන පැමිණියා.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසලේ ද තවත් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

කෝට්ටේ රජමහා විහාරයේ සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයටත්, ද්‍රව්‍යාධාර ගෙනවිත් භාරදිය හැකියි.

ගම්පහ - මැදගම, සිරි සුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජ මහා විහාරයේ, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය ආදී ස්ථානයන්ට ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන වන ඔබට ආධාර ද්‍රව්‍ය ගෙනවිත් භාරදිය හැකියි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සඳහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන යන ස්ථානයන්ට ආධාර භාරදිය හැකියි.

මහියංගනය රජමහා විහාරස්ථානයත් හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්. නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ විපතට පත්වූ අපේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කරන හිරු සහන යාත්‍රාවට ආධාර ද්‍රව්‍ය භාරදිය හැකි වනවා.

මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයද ආධාර ද්‍රව්‍ය එකතු කරන හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.   

හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සහ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය යන ස්ථානවලටද ද්‍රව්‍යමය ආධාර ලබාදිය හැකි වනවා.

ඊට අමතරව අද පෙරවරු අටේ සිට ආධාර ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ විශේෂ රථ පෙරහරක් තොටලඟ මංසන්ධියෙන් ගමන් අරඹන අතර, එය පෑලියගොඩ, වත්තල, හැඳල, මහබාගේ, රාගම, කඳාන, සීදුව, කටුනායක, මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව සහ කාකපල්ලිය හරහා හලාවතට ළඟා වනු ඇති.

විපතට පත්වු අපේ ජනතාව වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඊයේ පස්වරුව වනවිටත් ද්‍රව්‍යමය ආධාර විශාල වශයෙන් ලැබී තිබුණා.

පිහිටක් අවැසි මොහොතක පීඩාවට පත්ව සිටින ජනතාවට පිහිටක් වන්නට හිරු සහන යාත්‍රාව හා ඔබත් එකතු වන්න.

මෙම දුරකථන අංක වලට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.

0114 799770 / 07730 35 926

මේ අතර "රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියට දිවයිනේ මෙම ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත තම ආධාර ගෙනවිත් භාරදීමේ පහසුකම සලසා තිබෙනවා.

භාවනා මුලස්ථානය ශ්‍රී ඥානීස්සර දහම් පාසල, 371, ගාලු පාර රාවතාවත්ත, මොරටුව  011 - 2647247

පාදෙණිය රජමහා විහාරය, පාදෙණිය  037 - 2267333

දිවුලපිටිය ප්‍රියදර්ශනාරාමය, දිවුලපිටිය  077-7250370 / 031 -2247807 / 077 8660016

මහියංගනය රජමහා විහාරය

ගම්පහ, මැදගම සිරි සුනන්දාරාමය  033 - 2222413 / 033 - 72267333

ශ්‍රී ජිනරත සදහම් සෙවන, කොටවෙහෙර, නිකවැරටිය  071 - 8268693 / 076 - 5469590

බෞද්ධ මධ්‍යස්ථානය, නුවරඑළිය   052 - 2235244

බෞද්ධාලෝක විදර්ශික පිරිවෙන, කුරුණෑගල, කුරුඳුගස් හන්දිය  071 - 6495879

කෝට්ටේ රජමහා විහාරය

මහනුවර අස්ගිරි චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලය  077 - 2908090

කොළොන්නාව පුරාණ රජමහා විහාරය   -  0776 287 528

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය  - 0776 213 623

හම්බන්තොට - මිරිජ්ජවිල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය - 0772 373 766



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories