update: ආපදා මරණ 126 දක්වා ඉහළට - 97 ක් අතුරුදන්

Sunday, 28 May 2017 - 7:51

update%3A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+126+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+97+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
අයහපත් කාලගුණික තත්වය හමුවේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 126 දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් 97 දෙනෙකු අතුරුදන් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේවන විට පීඩාවට ලක්ව ඇති සංඛ්‍යාව හාරලක්ෂ හතලිස් දෙදහසකට අධිකයි.

කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, නුවරඑලිය, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.

ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්.

මෙම දිස්ත්‍රික්ක 15, පවුල් එක්ලක්ෂ 9,773ක පුද්ගලයින් හාර ලක්ෂ 23,068 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම පවුල් 24 374 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 924 දෙනෙකු අවතැන් කඳවුරු 304 ක රඳවා සිටිනවා. 

update : Sunday, 28 May 2017 - 10.49
-----------------------------------------------------------------------

දිවයිනේ දිස්ත්‍රික්ක 15 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එකසිය විසි දෙදෙනෙකු මියගොස් තවත් 97 දෙනෙකු අතුරුදන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 03 ක් වාර්තා වනවා.

මරණ 42 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 68 ක්.

ආපදා තත්ත්වයත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේද පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 05 දෙනෙකු අතුරුදන් වී සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 05 ක් වාර්තා වද්දී, මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මාතර පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

පුද්ගලයන් දෙදෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර, එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදෙනෙකුද අතුරුදන්ව සිටිනවා.

අයහපත් කාලගුණයත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 05 ක්.

කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, නුවරඑලිය, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.

ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්.

මෙම දිස්ත්‍රික්ක 15 තුල, පවුල් එක්ලක්ෂ 5,956 ක පුද්ගලයින් හාර ලක්ෂ 15,618 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම පවුල් 20,670 කට අයත් පුද්ගලයින් 86,316 දෙනෙකු අවතැන් කඳවුරු 290 ක රඳවා සිටිනවා.  

මේ අතර, කැළණි ගඟ ආශ්‍රිත පහත්බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී තිබෙනවා.

කොළොන්නාව, කැළණිය, බියගම, පාදුක්ක, හංවැල්ල, දොම්පේ, මල්වාන, අවිස්සාවේල්ල මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

කැලණි ගඟ පිටාර ගැලීමත් සමඟ මේ වනවිට ඇතැම් ස්ථානවල ජල මට්ටම අඩි 15 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.   

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ මාතර, ගාල්ල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි.

නිල්වලා ගග පිටාර ගැලීම හේතුවෙන් මාතර, දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, තවලම ඇතුළු ප්‍රධාන නගර රැසක් තවමත් ජලයෙන් යට වී පවතිනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තාවන්නේ.

රත්නපුර නගරය ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී පවතිනවා.

මේ අතර, සහන සැලසීමේ කටයුතු පිළිබදව දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ නාවික හමුදාවේ යාත්‍රාවලට අමතරව, යුද හමුදා යාත්‍රා 30 ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා යොදවා ඇති බවයි.  

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර කියා සිටියේ ඊයේ පස්වරු එකේ සිට පැය 24 ක කාලයක් සඳහා ක්‍රියාත්මක නායයාමේ අවදානම තවදුරටත් දිස්ත්‍රික්ක 8 කට ක්‍රියාත්මක බවයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ස්වභාවික විපත් අවම කර ගැනීම සදහා අනවසර ඉදිකිරීම් සහ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සදහා කඩිනමින් නව නීති ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් රජය විසින් සකස් කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories