බද්දේගම ජනතාවට විශේෂ නිවේදනයක්

Sunday, 28 May 2017 - 11:37

%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගිංගග හැර, පිටාර ගැලූ අනෙකුත් ගංගාවල පැවති අවදානම් තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ගිං ගඟේ පහළ ප්‍රදේශයෙහි ජලය බැස යාමේ අඩුවක් දක්නට නොලැබෙන බවයි.

ගිං ගඟ පිටාර ගැලීමත් සමග බද්දේගම නගරයට ගං වතුර ගලා ඒම වැළැක්වීම සඳහා ඉදිකර ඇති බැම්ම කැඞීයාමේ අවදානමක් පවතින ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ ප්‍රකාශ කළා.

මේ නිසා බද්දේගම නගරයේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසටයි ඔහු දැනුම් දුන්නේ.  

නිල්වලා ගෙඟ් ජලය පිටාර ගැලීම හේතුවෙන් මේ වනවිටත් මාතර නගරය ආශ්‍රිත ප්‍රදේශ පවතින්නේ ජලයෙන් යටවයි.  

ජලය බැස ගියත් තමන්ට ප්‍රමාණවත් පරිදි සහනාධාර නොලැබෙන බවට අකුරැස්ස, පිටබැද්දර ඇතුලූ ප්‍රදේශ කිහිපයක ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සහ පින්නදූව අතර පිහිටි අධිවේගී පිවිසුම් ජල ගැලීම හේතුවෙන් මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එමෙන්ම අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට 1969 අමතා උපදෙස් ලබාගන්නා ලෙසත් එහි ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශන පුවරු අනුගමනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දීමක් කළා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟ පහළ ප්‍රදේශවලට මේ වනවිට ජලය ගලා එමින් පවතින බැවින් යම් අවදානමක් පවතින බව දිස්ත්‍රික් ලේකම් යූ.ඞී.සී. ජයලාල් කියා සිටියා.

කළුතර - බණ්ඩාරගම, පරදූවඇල්ල වේල්ල කැඞීයාමේ තත්වයක් පවතින නිසා බණ්ඩාරගම, වියනගොඩ, පරසගස්තොට, මෙනේරිහේන්තුඩුව ඇතුලූ ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය උපදෙස් ලබාදෙනවා.

අවදානම වැඩි ප්‍රදේශවල ජනතාවට ඉවත්වන ලෙසට දැනුම්දී ඇති බවයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඞී.සී. ජයලාල් කියා සිටියේ.

කැළණි ගඟ පිටාරගැලීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වාන ඇතුලූ අවට ප්‍රදේශ තවම පවතින්නේ ජලයෙන් යටවයි.

එසේම කැළණි ගඟ පිටාර ගැලීම නිසා අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, කොළොන්නාව, අංගොඩ, සේදවත්ත ප්‍රදේශවල පහත්බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා.

වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුණද දිස්ත්‍රික්ක 8 ක කට නිකුත් කර ඇති නායයෑමේ අවදානම අද පස්වරු එක දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර් එම් එස් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරියේදී තවදුරටත් වර්ෂාව ඇතිවුවහොත් නායයාම් අවදානම් සහිතව නම් කළ ප්‍රදේශවල නායයාමේ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

 

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories