ශ්‍රී ලංකාව හා සම්බන්ධ වකුගඩු ජාවාරමට දිල්ලියේදී කල්ලියක් දැලේ

Sunday, 28 May 2017 - 13:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වකුගුඩු ජාවාරම තවදුරටත් ක්‍රියාත්මක වන බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළ පුවතකින් අනාවරණ වනවා.

හින්දු සහ හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙලේ පුවත්පත් රැසක් සදහන් කළ පරිදි වකුගඩු ප්‍රදානය කිරීම සදහා ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට එවූ කල්ලියක සාමාජිකයන් රැසක් පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවදිල්ලි පොලිසිය මගින් මේ පිළිබද පරීක්ෂණ සිදුකරන අතර, අදාළ තොරතුරු සොයා බැලීම සදහා ශ්‍රී ලංකාවට ද කණ්ඩායමක් එවීමට කටයුතු යොදා ඇති බවයි හින්දු පුවත්පත සදහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති එක් කාන්තාවක් කොළඹ රෝහලකදී සිය වකුගඩුව රුපියල් ලක්ෂ 25 කට විකුණා ඇති බව සඳහන්.

මෙම කල්ලිය විසින් ශ්‍රී ලංකාවට එවීමට සැළසුම් කර ඇති වකුගඩු දායකයන්ට රුපියල් ලක්ෂ 3 ත් 5 ත් අතර මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති අතර, ඔවුන් වකුගඩු අවශ්‍ය රෝගීන්ගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි දිල්ලි පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ.

 නවදිල්ලිය මෙන්ම කොල්කටා, මුම්බායි සහ හයිද්‍රාබාද් නගරවල ක්‍රියාත්මක මෙම වකුගඩු ජාවාරම


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories