ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ පුද්ගලයින් 111 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි.
පවුල් එක්ලක්ෂ 12,565 කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
වැඩිම මරණ සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 71 ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 47ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 14 ක් වාර්තා වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 9 ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 5 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 3 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
මේ අතර, පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 250ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

Follow US
Most Viewed Stories