මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව "මෝරා- MORA" තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින අතර හෙට දිනයේ දී බංග්ලාදේශය වෙරළ හරහා ගොඩබිමට ඇතුල් වේ යැයි බලාපොරොත්තු වන බව අද(29) දහවල් 12.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් කියා සිටිනවා.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ අහස වළාකුලින් බරව පවතින අතර වැසි හා සුලං තත්ත්වයන් අපේක්ෂා කෙරෙනවා.
දිවයිනේ විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 80 දක්වා ඉතා තද සුළං ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
සමහර ස්ථානවල විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්ව මිලිමීටර 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකයි.
උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

Follow US
Most Viewed Stories