ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

Tuesday, 30 May 2017 - 13:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ ඊයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

රික්ටර් පරිමාණයේ 6.6ක ප්‍රබලතාවයකින් යුත් එම භූ කම්පනය හේතුවෙන් එහි ජනයා දැඩි කලබලයට පත්වූ අතර නිවෙස්වලින් ඉවත් වී තිබෙනවා.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ මෙම භූ කම්පනය හමුවේ පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.

තුවාල ලැබුවන් රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගේ හිසෙහි තුවාල පවතින බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.

මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 14 ක් ද වාර්තා වු බව ඉන්දුනීසියා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories