Sunday, 18 June 2017 - 18:09
අයි.එස්. අවසන් කඳවුරත් ඉරාක හමුදා යටතට පත්වන ලකුණු
ඉරාකයේ මොසුල් අගනුවර අයි.එස්. ත්රස්තයන් සතුව පැවැති අවසන් කඳවුරත් එරට හමුදාව විසින් අත්පත් කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශ ආශ්‍රිතව සිවිල් වැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බවයි.
කෙසේ වෙතත්, එරට හමුදා සිවිල් වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.