Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
Monday, 19 June 2017 - 13:17
විග්නේෂ්වරන්ගේ ප්‍රශ්ණයෙන් දෙමළ සන්ධානය දෙකඩවීමේ අවදානමක
24

Shares
2,995

Views
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් සී.වී. විග්නේෂ්වරන් ඉවත් කළහොත් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. හි නායකයාද වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ බව කියා සිටියේ දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

දූෂණ සහ වංචා හේතුවෙන් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම සහ අධ්‍යාපන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට පසුගිය දා පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කටයුතු කළ අතර, ප්‍රවාහන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදී තිබුණා.

ඊට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විරෝධය පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ටද චෝදනා එල්ලවී ඇති බැවින් ඔහුද එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේ වෙතත් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ උතුර පළාත් ආණ්ඩුකාර සී.වී. විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කළහොත් දෙමළ සන්ධානය නියෝජනය කරන ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. යන පක්ෂවලට පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරිමට සිදුවනු ඇති බවයි.

මේ අතර උතුර පළාත් සභාවේ ඇතිවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පිළිබඳව හැටන් නගරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ද අදහස් දක්වා සිටියා.

ඔහු කියා සිටියේ උතුරට ගොස් දෙපාර්ශවය සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසඳීමට තමන්ට මැදිහත් විය හැකි බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පුත්තලමෙන් තවත් මහා පරිමාණ කුඹුක් සංහාරයක්
Wednesday, 23 August 2017 - 21:45
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාක අතරින් වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ කුඹුක් ශාඛයට මෙරටදී... Read More
News Image
Hiru News Programme Segments
396 Views
10,243 Views
4,745 Views
1,807 Views
248 Views
5,564 Views
Top