Hirunews Logo
%E0%B6%8B%E0%B6%AB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Monday, 19 June 2017 - 13:23
උණ ඇත්නම් පළමු දිනයේම රුධිර පරීක්ෂාවකට යොමුවන්න, සෞඛ්‍ය අංශ ඉල්ලයි
91

Shares
11,021

Views
ඩෙංගු වෛරසයේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් ඇතැම් ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමේ වේගය ද වෙනස්වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසනවා.

මේ නිසා ඩෙංගු වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සිදු කෙරෙන රුධිර පරීක්ෂණය කඩිනමින් සිදුකරගන්නා ලෙසයි එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් ජනතාවට දැනුම්දෙන්නේ.  

මේ අතර පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කෙරෙන ගාස්තුද අද සිට අඩුකර තිබෙනවා.

පෞද්ගලික රෝහල් නියමන පනතට අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇති අතර, ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තුව රුපියල් 250 ක්ද ඩෙංගු රුධිර පරීක්ෂණය සඳහා අය කෙරෙන ගාස්තුව උපරිමය රුපියල් 1000 ක් විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ඉදිරියේදී සියලුම පුද්ගලික රෝහල්, රසායනාගාර සහ සායනවල අයකරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට කටයුතු  කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඖෂධවේදී සේවාවේ 60 වන සංවත්සර උළෙලට කොළඹදී අද එක්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
Hiru News Programme Segments
356 Views
5,156 Views
4,004 Views
87 Views
19,918 Views
58,970 Views
Top