Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 19 June 2017 - 13:31
කැළණි ගඟේ පාවුණු මළ සිරුරු ගැන තොරතුරු හෙළිවෙයි
5,545

Views
කැළණි ගඟේ පාවෙමින් තිබියදි සොයාගත් මියගිය පුද්ගලයන් සියදිවි නසා ගෙන ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගේ පශ්චාත් පරික්ෂණ මේ වන විට කොළඹ ජාතික රෝහලේ දි සිදුකෙරෙමින් පවතින බවයි පොලිසිය සදහන් කළේ්.

ඊයේ දහවල් 12.56 ට පමණ පෑලියගොඩ - මීගමුව මාර්ගයේ රණවිරු මාවත ආසන්නයේ කැළණි ගෙඟ් පාවෙමින් තිබියදී වයස අවුරුදු 24 ක තරුණයෙකුගේ සිරුර සොයාගත්තේ පොලිස් හදිසි අංශයට ලද තොරතුරකට අනුවයි.

එම තරුණයාගේ ඥාතින් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මානසික ආතතියක් හේතුවෙන් ඔහු සියදිවි නසාගන්නට ඇති බවයි.

ඔහුගේ දෙමව්පියන් ද ජීවතුන් අතර නොමැති බව වාර්තා වනවා.

කුඩා කල සිට ඔහු හැදීවැඩි ඇත්තේ සිය නැන්දනිය භාරයේයි.

ඊයේ උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව පැලියගොඩ - බියගම  මාර්ගයේ ගිනි පෙට්ටි මෝල  ආසන්නයේ කැළණි ගෙඟ් පාවෙමින් තිබියදී වයස අවුරුදු 32ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සොයාගනු ලැබුවා.  

ඔහු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර වෘත්තියෙන් වෙළෙන්දෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සිය මව, බිරිඳ සහ හත් හැවිරිදි පුත්‍රයා සමඟ නිවසේ ඔහු ජීවත්ව තිබෙනවා.

කලක සිට තම වෙළඳ කටයුතු සම්බන්ධයෙන් කිසියම් මානසික ආතතියකින් සිය සැමියා පෙලුනු බවයි මියගිය පුද්ගලයාගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු අවුරුදු කුමර කුමරියෝ 2018
Saturday, 14 April 2018 - 12:23
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවූ  සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්... Read More
News Image
Hiru News Programme Segments
1,245 Views
23,325 Views
2,447 Views
843 Views
266 Views
25,387 Views
Top