Hirunews Logo
%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Monday, 19 June 2017 - 13:34
ගීතා කුමාරසිංහගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
1,696

Views
ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කළ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

ඒ අනුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ල හමුවේ අදාල පෙත්සම විභාග කරනු ඇති.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ අදාල අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ගීතා කුමාරසිංහ ගොනු කළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 25 වැනිදා විභාගයට ගැනීමට දින නියම කර තිබෙනවා.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය තීන්දු කළේ පසුගිය මැයි මස 03 වනදායි.

ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මැයි මස 09 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කළා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
746 Views
1,101 Views
3,567 Views
2,339 Views
61 Views
30,659 Views
Top