Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 19 June 2017 - 17:33
රන් කොත් වෙහෙර පාමුලට ආ අභිරහස් ආසනය හා කැටය මෙන්න (ඡායාරූප)
73

Shares
8,839

Views
පොලොන්නරුව පුරා විද්‍යා ස්ථාන දැන් එක් එක් අය වෙනුවෙන් බාරහාර ඔප්පු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් පෙරේදා (17) කිසියම් පිරිසක් විසින් ට්‍රැක්ටරයක පටවාගෙන ආ කොන්ක්‍රීට් මල් ආසනයක් පිං කැටයක් හා තවත් කොන්ක්‍රීට් බදුනක් ඓතිහාසික රන් කොත් වෙහෙර පාමුළ තබා ගොස් ඇතැයි ද පොලොන්නරුවේ පුරා විද්‍යා උරුමයන් සු‍රැකීමේ සංවිධානය පවසනවා.

එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති පොලොන්නරුව ඓතිහාසික හා පුරා විද්‍යාත්මක ස්මාරක මේ විකෘති කිරීම් හමුවේ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පවා ඉඩ ඇති බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම සිදුවන බවත් පුරා විද්‍යා ස්මාරක විකෘති කිරීම හෝ එහි පවතින ස්වභාවයට හානි සිදු කිරීම හෝ පුරාවිද්‍යා ස්මාරක වෙනස් කිරීම හෝ දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් පොලොන්නරුව පුරාවිද්‍යා භූමිය තුළ එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

පොලොන්නරුව දළදා මාලිගය වටදා ගෙය අභියසද දැවන්ත පිං කැට සවි කර ඇතැයි ද පවසන එම සංවිධානය මේ පිළිබදව මුණිවත රකිමින් පුරා විද්‍යාව හා පුරා විද්‍යා උරුමයන් සුරකින ආයතනවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලොන්නරුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සැක කරන බවත් ඔවුන් කියා සිටිනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව පොලොන්නරුව මහ දිසාපති රංජිත් ආරියරත්න මහතා ගෙන් විමසීමක් කළා.

"අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් අපේ උරුමයන් ආරක්ෂා කරගන්න.අපි රන් කොත් වෙහෙර පාමුල තබන්නට කටයුතු කළ කොන්ක්‍රීට් මල් ආසනය ඇතුළු දේවල් පෙරේදා (17) සවසම ඉවත් කරගන්න ඒ අයට දැනුම් දුන්නා.ප්‍රාදේශීය ලේකම් තුමත් මැදිහත් වී ඒවා ඉවත් කරන්න පියවර ගත්තා. පොලොන්නරුවේ පුරා විද්‍යා උරුමයන් ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් නොවන පරිදි ජනතාවට අවශ්‍ය බාරහාර කටයුතු, වන්දනාමාන කටයුතු කරන්න අවශ්‍ය පසුබිම හදාගන්නේ කොහොමද කියලා මූලික සාකච්ඡාවක් අපි පැවැත්වූවා.මොකද පොලොන්නරුවේ පුරාවිද්‍යාව තියෙන්න ඕන.පුරා විද්‍යා ස්ථාන තියෙන්න ඕන මානව පුරා විද්‍යාවක් විදිහට,"

පොලොන්නරුවේ පුරා විද්‍යා ස්ථාන විකෘති කරමින් හා එහි පවතින ස්වභාවය වෙනස් කරමින් දිගින් දිගටම මෙම අකටයුතුකම් සිදු වුවහෝත් නොබෝ දිනකින් ම පොලොන්නරුවේ පුරා විද්‍යා ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවට්ක කෙරෙනු ඇතැයි අවධාරණය කරන පුරාවිද්‍යා උරුමයන් සු‍රැකීමේ සංවිධානය මධ්‍යම සංස්කෘතික අරමුදලේත් පුරා විද්‍යා නිලධාරීන්ගේත් අනුදැනුම නොමැතිව මෙවැනි කටයුතු සිදු කිරීමට නොහැකි බවත් පෙන්වා දෙනවා.

ඓතිහාසික රන්කොත් වෙහෙර පාමුල සවි කළ කොන්ක්‍රීට් ද්‍රව්‍ය ඉහළ බලධාරින්ගේ නියමයන් පරිදි පෙරේදා(17) සවස් වන විට ඉවත් කරගෙන තිබෙනවා.



( ඡායාරූප - රොෂාන් තුෂාර )

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
338 Views
10,131 Views
22 Views
709 Views
210 Views
11,718 Views
Top