Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A
Monday, 19 June 2017 - 22:15
කුඩා දරුවෙකුගේ මිය යාමට රෝගී තත්වයන් 3ක්
142

Shares
17,106

Views
මුත්‍රා ආසාදනයකට කඹුරුපිිටිය - ආඳපාන මූලික රෝහලට ඇතුළත් කළ අවුරුදු දෙකහමාරක් වයසැති කුඩා දරුවෙකු මාතර මහරෝහලේදී ජලභීතිකා රෝගය හේතුවෙන් මියයාමේ පුවතක් මාතර - පස්ගොඩ  - රොටුඹ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පසුගිය 15 වනදා මෙම දරුවා රෝහලට ඇතුළත් කර තිබුණේ මුත්‍රා ආසාදනයක් ඇති වී ඇති බව පවසමින්.

එහිදී මුත්‍රා ආසාදනයට සහ මොළයට විෂ බීජයක් ගොස් ඇති බව පවසමින් වෛද්‍යවරුන් දරුවාට එන්නත් දෙකක් ලබාදුන් බවයි මියගිය දරුවාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මාතර මහරෝහලේදී ජීවිතක්ෂයට පත්වූ දරුවා මිය යාමට හේතුව ජලභීතිකාව වැළඳීම නිසා බවට වෛද්‍යවරුන් එහිදී දෙමව්පියන්ට ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත්, දරුවා නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවට රෝහලේ හදිසි මරණ පරීක්ෂක ලලිත් ද සිල්වා නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බවයි මියගිය දරුවාගේ දෙමව්පියන් ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top