අනියම් සබඳතාවක් පැවැත්වූ පිටිගල තරුණ මව හා පාසල් සිසුවා වස බීම ගැන සැකයක්

Wednesday, 21 June 2017 - 18:00

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B7%80+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු තරුණ මව සහ 17 හැවිරිදි පාසල් සිසුවා වස පානය කිරීමට හේතු කිහිපයක් පොලිසිය සැක කරනවා.

වස පානය කර රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු තරුණ මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

දිල්හාරා පුංචිහේවා නැමැති මියගිය 21 හැවිරිදි කාන්තාව යුද හමුදා සෙබලෙකුගේ භාර්යාවක් වන බව සදහන්.

ඊයේ පස්වරුවේ අදාළ කාන්තාව වස පානය කර මියගිය බව දැනගත් පසු පාසල් සිසුවා ද මෙසේ වස පානය කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පොලිසිය දැනට සැක කරන්නේ සැමියා වූ හමුදා සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණීමට දින කිහිපයක් පමණක් තිබු නිසා ඔහුට මුහුණ දීමට නොහැකිව ඇය වස පානය කරන්නට ඇති බවයි.

පසුව එම තරුණ මවගේ පියා පාසල් සිසුවාට බැණ වැදීමෙන් අනතුරුව ඔහු වස පානය කළ බවටද තොරතුරු වාර්තා වනවා.

මෙම තරුණ මව හා පාසල් සිසුවා අසල්වාසීන් වන අතර ඒ අනුව සෙබලා නිවසේ නැති අවස්ථාවේ දෙදෙනා අතර අනියම් සබඳතාවක් ඇති වී ඇති බව සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories