පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශ නිලධාරීන්ට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පැදවු සැකකරු වන ලොකු පැටී නම් තැනැත්තා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මතුගම අතිරේක මහේස්ත්රාත්වරියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.
සැකකරු පසුගිය 15 වනදා අත්අඩංගුවට ගැනුනේ මැදිරිගිරිය ප්රදේශයේදීයි.
එතැන් සිට දින 7 ක රැඳවුම් නියෝග මත පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්ණ කර තිබුනා.
එහිදී ඔහු සතු ගිනි අවියක් ද ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ සගවා තිබියදී සොයා ගැනුනා.
27 හැවිරිදි මෙම පුද්ගලයා දර්ගා නගරයේ කුරුන්ද පාරේ පදිංචිකරුවෙක් බව සඳහන්. සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ලොකු පැටියා නමින්ද සැකකරු හැඳින්වෙනවා.
පාතාල සාමාජිකයෙකු වන මොහු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කඹුරුපිටිය මධූෂ්ගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම මෙම සැකකරුට විරුද්ධව අම්බලන්ගොඩ / ඌරගස්මංහන්දිය සහ අහුංගල්ල යන පොලිස් ස්ථාන මගින් පවත්වාගෙන යනු ලබන නඩු කිහිපයක් සඳහා වරෙන්තු නිකුත්වී ඇතැයි ද සඳහන්.
පසුගිය මැයි මස 9 වනදා මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය නිලධාරීන්ට එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සමාධි රණසිංහ පතිරණ නම් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුනා.
තවත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු 4 දෙනෙකු තුවාල ලැබුවා.

Follow US
Most Viewed Stories