අද සිට නිරිතදිගට වැසි වැඩිවේ

Friday, 23 June 2017 - 7:15

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
අද දිනයේ සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිතත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වියහැකි බවයි.

ඇතැම් ස්ථානවල, විශේෂයෙන් කොළඹ, රත්නපුරය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 50ට වැඩි) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව සදහන්.

ඌව පළාත මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories