අනියම් පෙම සැලවී වස පානය කළ පාසල් සිසුවා රෝහලෙන් පැන යයි

Friday, 23 June 2017 - 10:54

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%83+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු තරුණ මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙක් වස පානය කිරීම සම්බන්ධ පුවතක් පසුගියදා (21) වාර්තා වුණා.

වස පානය කර රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු තරුණ මව ජීවිතක්ෂයට පත්වූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවා මේ වන විට රෝහලෙන් පැන ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ රෝහලෙන් පැන ගිය අදාල සිසුවා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරක් ලැබී නොමැති බවයි.  

මියගිය 21 හැවිරිදි එක් දරු මව දිල්හාරා පුංචිහේවා නැමැති යුද හමුදා සෙබලෙකුගේ භාර්යාවක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 20 වනදා පස්වරුවේ අදාළ කාන්තාව වස පානය කර මියගිය බව දැනගත් පසු පාසල් සිසුවා ද වස පානය කර තිබෙනවා.

මොවුන් දෙදෙනාගේ අනියම් සම්බන්ධතාවය පිළිබදව කාන්තාවගේ සැමියාට තොරතුරු ආරංචි වීමෙන් අනතුරුව ඔහුට මුහුණ දීමට නොහැකිව ඇය වස පානය කරන්නට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණ මව හා පාසල් සිසුවා අසල්වාසීන් වන අතර කාන්තාවගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවේ දෙදෙනා අතර අනියම් සබඳතාවක් ඇති වී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories