ලොරිය තල්ලු කළ 84 වියැති සෝමපාලට සිදුවූ දේ

Friday, 23 June 2017 - 12:20

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+84+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
අක්මීමන ප්‍රදේශයේ දිවෙල්වත්ත, කුරුදුහේන මාර්ගයේ ගල් පිහිල්ල මන් සන්දියේ දී කුරුදුගස්හේන දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක් කන්දක් දක්වා ගමන් කරන්නට නොහැකි ව නතර වී තිබු අතර මේ නිසා ලොරි රථයට සවියක් වෙන්නට ලොරි රථයේ පිටු පසින් පුද්ගලයන් දෙදෙනෙක් තල්ලු කරන අවස්ථාවේ දි  ලොරි රථයේ තිරිංග අක්‍රිය ( බ්‍රේක් ) වීමෙන් පසුපසට ගමන් කළ ලොරි රථයට යට වී  ඉන් එක් අයකු බරපල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ඊයේ (22) මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ,ගල්පිහිල්ල හියාරේ පදිංචි පෙදුරුහේවගේ සෝමපාල නැමැති වයස අවුරුදු 84 පුද්ගලයෙක්.

පශ්චාත් මරණ පරික්ෂණය අද (23) ගාල්ල කරාපිටිය රෝහලේ සිදුකරන්නට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ  රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories