අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න ගිය නිලධාරින්ට බුත්ගමුවේදී බාධා

Friday, 23 June 2017 - 13:45

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අද දිනයේ මහ බුත්ගමුව ඇල රක්ෂිතය තුළ ඇති අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට යාමේදී එහි හිමිකරුවන් ඊට විරෝධය පළ කිරීමත් සමඟයි.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් සහ හිමිකරුවන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේ වෙතත්, එම බාධා කිරීම් නොසලකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව බුත්ගමුව ඇල රක්ෂිතය තුළ ඇති අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට මේ වනවිටත් කටයුතු කරන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories