ප්‍රසූත කළ දරුවා වැසිකිළි වලකට දැමූ කාන්තාව අත්අඩංගුවට

Saturday, 24 June 2017 - 12:00

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%96%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බුත්තල පොලීසිය විසින් සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව නොවැඩුණු බිළිදෙකුගේ කලලයක් වැසිකිළි වළකට දමා තිබියදී පසුගියදා සොයාගෙන තිබෙනවා.

රුධිරය වහනය වීම හේතුවෙන් රෝහල්ගත කළ කාන්තාවක් රහසිගතව දරුවකු ප්‍රසූතකර ඇති බවට දැන ගැනීමෙන් අනතුරුව මෙම පරීක්ෂාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

බුත්තල, පැල්වත්ත, පහළවෙල ප්‍රදේශයේ නිවෙසක වැසිකිළි වළකින් මෙම බිළිදාගේ කොටස් සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ පදිංචි වී සිටි 35 හැවිරිදි කාන්තාවක් විසින් මෙසේ දරුවා ප්‍රසූතකර රෙදි කැබැල්ලක ඔතා වැසිකිළි වළට දමා තිබෙනවා.

අදාල කාන්තාවගේ සැමියා 2016 වසරේ  සිට විදේශගතව සිටින අතර ඇය සහ අවුරුදු 12 සහ 8 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනකු එම කාන්තව ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අධික ලෙස නරක්වී තිබූ බිළිදාගේ කොටස් මොණරාගල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව සදහන්.

අදාල කාන්තාව එම ප්‍රදේශයේ පැවති සුවනාරී සායනයකට සහභාගි නොවීම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් කළ සොයා බැලීමකදි අසනීපව සිටි මේ කාන්තාව රෝහල්ගත කරන ලෙස උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඇය රෝහල්ගත කළ අවස්ථාවේ ඇය පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරිය විසින් මේ බව පොලිසියට දන්වා ඇති බව සදහන්.

සැකකාර කාන්තාව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මොණරාගල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories