බාධා මැද චීන නායයාමේ මෙහෙයුම් තවදුරටත්

Saturday, 24 June 2017 - 16:24

%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
චීනයේ - සිචුවාන් ප්‍රාන්තයේ අද සිදුවූ නාය යාමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත්, නායගිය ප්‍රදේශය ගල් තට්ටුවලින් යටව තිබීම නිසා එම මෙහෙයුම්වලට දැඩි බාධා මතුව තිබෙනවා.

එම නායයාමෙන් පුද්ගලයන් 141 දෙනෙකු  අතුරුදන් වී සිටින අතර, නිවාස 40ක් පමණ වැළලී ඇති බවටයි චීන බලධාරින් විශ්වාස කරන්නේ.

ප්‍රදේශය හරහා ගලා බසිනා ගංඟාවක කිලෝමීටර් 2ක පමණ දුරක් නායයාමෙන් පසු අවහිර වී ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories