ඩෙංගු පැතිරුණේ පළාත් පාලන ඡන්දය කල්යාමෙන් නොවේ - ජනපති අවධාරණය කරයි

Sunday, 25 June 2017 - 7:33

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රට පුරා ඩෙංගු උවදුර පැතිරීම සහ පළාත්පාලන ඡන්දය අතර සම්බන්ධයක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනමාධ්‍යවේදීන් හමුවේ කාලීන තත්ත්වයන් පිළිබඳව පැහැදිළි කරමින් ජනාධිපතිවරයා ඊයේ (24) සහභාගි වූ විවෘත සංවාදයේදී මේ බව අවධාරණය කෙරුණා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඩෙංගු උවදුර මැඩලීමට රටේ සියල්ලන්ගේම කැපවීමක් අවශ්‍ය වන බවයි.

ජනාධිපතිවරයා එහිදී ඩෙංගු උවදුර සහ පළාත්පාලන ඡන්දය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ එය දේශපාලන චෝදනාවක් බවයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට සුළු වශයෙන් බලපෑමක් එල්ල වූවද, මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ පසුගිය රජය යටතේ සීමා නිර්ණ කටයුතු නිසියාකාරයෙන් සිදුනොකිරීම බවද සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories