වන අලියෙක් කුඩා දැරියක් ඇතුලු දෙදෙනෙකුට මරු කැඳවයි

Sunday, 25 June 2017 - 9:02

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වන අලි පහරදීම්වලින් කුඩා දැරියක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ උදෑසන 9 ට පමණ කාවන්තිස්සපුර මංගලවැව මාර්ගයේ ගමන් කරමින් සිටි කුඩා දැරියක් වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 6 ක කුඩා දැරියක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට භාරදී තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රී 10.30 ට පමණ පොතුවිල් මුරුසානා හංදියේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට වන අලියෙකු පහරදී තිබෙනවා.

තුවාල ලැබු එම පුද්ගලයා පොතුවිල් රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය පොතුවිල් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories