මෙහෙකරුවන්ට අමානුෂිකව සැලකූ කුමාරිකාවන් 08 දෙනාට සිදුවූ දේ

Sunday, 25 June 2017 - 15:43

%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+08+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
මෙහෙකරුවන්ට පහත් ආකාරයට සැලකීම සහ මිනිස් ජාවාරම සිදු කළ බවට චෝදනා එල්ල වූ රාජ කුමාරිකාවන් 08 දෙනෙකුට දඬුවම් නියම වී තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ කුමාරිකාවන් 08 දෙනෙකුට බව සදහන්.

බ්‍රසල්ස් නුවර අධිකරණයක පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම කුමාරිකාවන්ට මාස 15ක අත්හිටවූ සිර දඬුවමක් සහ දඩ මුදල් නියම වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනේ.

එක් රාජ කුමාරිකාවක ඩොලර් 185,000ක දඩයක් ගෙවිය යුතු අතර එම දඩ මුදලින් අඩක් අත්හිටවූ දඩයක් ලෙස නියම කර තිබනෙවා.

2008 වසරේ දී සිදුකළ සංචාරයක දී මෙම කුමාරිකාවන් විසින් මෙහෙකරුවන් 22ක් රැගෙන ගොස් ඇති අතර ඔවුන්ට ඉතා පහත් ආකාරයට සලකා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාල මෙහෙකරුවන්ට ඉතා අමානුෂික ලෙස සලකු බවට එල්ලවූ බරපතළ චෝදනා කිහිපයකින් ම මෙම කුමාරිකාවන් නිදහස් කර ඇති බව සදහන්.

මෙම කුමාරියන් අටදෙනා නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී හෝටලයෙන් එක් මෙහෙකාරියක් පැන ගොස් මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබෙනවා.

දවසේ පැය 24 පුරාම සේවයේ නිරත විය යුතු බවට නියෝග ලැබ සිටි මෙම මෙහෙකරුවන්ට නිදා ගැනීමට ඇඳක් හෝ ලැබී නොමැති බවයි හෙළිවී ඇත්තේ.

කුමාරිකාවන් අනුභව කොට ඉතිරි වූ යමක් පමණක් අහාර වශයෙන් මොවුනට ලබා දී ඇති අතර එක් නිවාඩු දිනයක් හෝ ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

එල්ලවූ සියලුම චෝදනා රාජ කුමාරිකාවන් අටදෙනා විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වන්නේ.

මෙම නඩු විභාගය සඳහා එක්සත් අරාබි එමීරයේ රාජ කුමාරිය සහ ඇයගේ දූකුමරියන් හත්දෙනා පෙනී සිට නොමැති අතර මෙම නඩු විභාගය නිම වීමට වසර 10කට  ආසන්න කාලයක් ගතව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories