ජනපති ලේකම් කාර්යාලයේ සයිටම් නිවේදනය අන්තරේ පිළි නොගනී

Sunday, 25 June 2017 - 19:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අද නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

කොළඹ දී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි වැඩබලන කැදවුම්කරු මංගල මද්දුමගේ මේ බව කියා සිටියා.

එමෙන්ම පොලීසිය සරසවි ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස්වලට ගොස් තර්ජනය කරන බවට ද එම මාධ්‍ය හමුවේදී ඔවුන් චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.

මේ අතර, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව අද දහවල් මාතලේ නගරයේදී උද්ඝොෂණයක නිරත වුණා.                               

මේ අතර, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අද නිකුත් කළ නිවේදනය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේදී හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහිදී ඒ පිළිබදව තීරණයක් ගන්නා බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය පාවාදීමකට ලක් කළ බව අධ්‍යාපනයේ නිදහස සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ ක්‍රියා කලාපය ද විවේචනය කළා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිළවරණය ඊයේ කොළඹ දී පැවැත්වුණා.

එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නිතරඟයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යළි තේරී පත්වුණා.

එහි ලේකම් ලෙස පත් වුණේ වෛද්‍ය හරිත අලුත්ගේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories