ඒකාබද්ධ විපක්ෂයෙන් හදිසි විවෘත කිරීමක්

Monday, 26 June 2017 - 6:54

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බණ්ඩාරගම නගරයේ ඉදිකර තිබෙන පොදු ක්‍රීඩාංගණය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ (25) හදිසියේ විවෘත කළා.

ඒ, 2014 වසරේදී ඉදිකිරීම් අවසන් වූ මෙම ක්‍රීඩාංගණය මේ දක්වා විවෘත නොකිරීමට විරෝධය පළ කරමින්.

2012 වසරේදී රුපියල් මිලියන 274 ක වියදමින් ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණය 2014 වසරේ අවසන් වුවද මැතිවරණ සමයත් සමග විවෘත කිරීම තාවකාලිකව නතර කර තිබුණා.

මේ දක්වාම එය විවෘත නොකිරීමට විරෝධය පළ කළ ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගමල රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් ඊයේ (25) ක්‍රීඩාංගණය විවෘත කිරීමට පියවර ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories