සුවසිරිපායට බලෙන් ඇතුලුවූ තවත් සරසවි සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 26 June 2017 - 7:51

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සයිටම් ආයතනයට එරෙහිව පසුගිය බදාදා පැවති විරෝධතාව අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී පොදුදේපළවලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සියඹලාණ්ඩුව - කොටියාගල ප්‍රදේශයේ සිය නිවසේ සැඟව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේයි.

එමෙන්ම ඊට අදාළව කටාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලය නියෝජනය කරන තවත් ශිෂ්‍යයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාළිගාකන්ද අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මෙලෙස සිසුන්ගේ නිවෙස්වලට යාමට සිදුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories