පාසල් සිසුවියක් පන්නිපිටියේදී ගුවන් පාලමකින් පනී

Tuesday, 27 June 2017 - 11:43

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
අද උදෑසන පාසල් සිසුවියක් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් පැන තිබෙනවා.

අදාල සිසුවිය හයිලෙවල් මාර්ගයේ ගමන් කර තිබූ වෑන් රථයක් මත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතල තුවාල ලැබූ ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

සිසුවියගේ කොන්ද ප්‍රදේශයට සහ බෙල්ලට මෙම අනතුරෙන් බරපතල තුවාල සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

බරපතළ තත්වයේ පසුවන සිසුවිය කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරුකර ඇති බවටයි වාර්තා වන්නේ.

ඇදවැටීමෙන් අස්ථිවලට ඇතිවූ දැඩි හානිය හේතුවෙන් සිසුවියට කලක් රෝහල්ගතව ප්‍රතිකාර කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඇයගේ පාසල් බෑගය, පාවහන් යුවළ සහ ටයි පටිය පාලම මත තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඇය පන්නිපිටිය - රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවටයි වාර්තා වන්නේ.  

අදාළ සිදුවීම ඇසින් දුටු සිසුවිය ඇදවැටුණු වෑන් රථයේ රියදුරු දුරකථනයෙන් අපවෙත විස්තර කළේ මෙලෙසින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories