2018 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරන දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

Tuesday, 27 June 2017 - 15:40

2018+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2017 ජුලි 10 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට ඉහතදී මෙහි අවසන් දිනය ලෙස සඳහන් කර තිබුනේ 2017 ජූනි 30 වෙනිදායි.

නමුත් ජනතා ඉල්ලීම් මත එම දිනය දීර්ඝ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත් මේ වන විට තම අයදුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමාපියන් තමන් විසින් සහතික කරන ලද අයදුම්පතෙහි පිටපතක් අදාළ පාසල් වෙත අතින් භාර දී ඒ සඳහා විදුහල්පති වෙතින් ලිපියක් ලබා ගන්නා ලෙස වැඩි දුරටත් උපදෙස් ලබා දෙන අතර එසේ පාසල් වෙත අතින් භාර දෙන ලද අයදුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවෙන් "ලද බවට" ලිපියක් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන් ද දැනුවත් කරන බව එම නිවේදනයේ සඳහන්.

තවද මේ වන විට තැපෑලට යොමු කර ඇති අයදුම්පත් යම් හෙයකින් 2017-06-30 දින පසු වී පාසල් වෙත යොමු වුව ද එම අයදුම්පත් ද භාර ගැනීමට  විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories