ඩෙංගු මඩින්න හෙට සිට පිරිසිදු කිරීමේ දෙසතියක්

Tuesday, 27 June 2017 - 15:52

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඩෙංගු වසංගතය පාලනය කිරීමේ අරමුණින් හෙට සිට සති දෙකක කාලයක් පිරිසිදු කිරීමේ දෙසතිය ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පවතින වර්ෂාපතනයත් සමග ඉහළ යා හැකි මදුරු ඝනත්වය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

ඒ සඳහා සිවිල් ආරක්ෂක භටයින් සියදෙනෙකුද යෙදවීමට කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories