කොටි සාමාජිකයින් දෙදෙනෙකු වරද පිළිගනී

Tuesday, 27 June 2017 - 17:31

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තමන්ට එරෙහිව ඇති අධිචෝදනාවලට වරද පිළිගැනීමට සූදානම් බව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙකු අද අනුරාධපුර විශේෂ මහාධිකරණයට දැනුම්දුන්නා.

ඒ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් සහ ගොඩබිමින් එකවර පහරදීමට අදාළ නඩුව විනිසුරු මහේෂ් වීරමන් හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.

2007 වසරේ සැප්තැම්බර් 22 වනදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ලවූ එම ප්‍රහාරයෙන් ගුවන් යානා 16 ක් විනාශවී ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියට අදාළව චෝදනා එල්ලවී ඇත්තේ කොටි ගුවන් බලඝනයේ හිටපු සාමාජිකයන් දෙදෙනෙකු වන පී. අරවින්දන් සහ රාසවල්ලන් තබෝරූබන් යන දෙදෙනාටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories