කඹුරුපිටිය ඛේදවාචකයේ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් එළියට

Tuesday, 27 June 2017 - 17:55

%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
මාතර - කඹුරුපිටිය - බෙරලිඅතුර ප්‍රදේශයේ දී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් දැන් අනාවරණය වී තිබෙනවා.

දරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ(26) රාත්‍රියේ සොයාගෙන තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10, 16 වන ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ 14 හැවිරිදි පිරිමි දරුවෙක්.

මිය ගොස් සිටින පිරිමි දරුවා සාමනේර හිමිනමක් බවට ද පොලීසිය සදහන් කළා.

44 හැවිරිදි පියා ද ඔවුන් ආසන්නයේ ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පියා විසින් මෙම දරුවන් දෑත් පිටුපසට බැඳ, එල්ලා පසුව නිවසට ගිනි තබා ඔහු ද ගෙළ වැළලාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් සැකකාර පියා විසින් මෙම දරුවන් ඝාතනය කර එල්ලා දැමුවේද යන්න පිළිබඳව තමන්ට සැක බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

මෙම පවුලේ දරුවන් 4 දෙනෙකු සිටින අතර මව නිවසින් පිටව යාමෙන් පසු පියා හා දරුවන් පමණක් රැදී සිට තිබෙනවා.

වැඩිමල් දරුවා මහණ වී රත්නපුරයේ පන්සලක වැඩවාසය කරන බව සඳහන්.

අනෙක් පිරිමි දරුවා ද මහණ වී ඇති අතර එම සාමනේර හිමිනම වැඩවාසය කර ඇත්තේ පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනයේයි.

එහි සිටි සිය පුත්‍රයා වන සාමනේර හිමිනම ද කඹුරුපිටියේ නිවසට කැඳවාගෙන එන පියා පසුව මෙසේ එල්ලී මිය ගොස් ඇති බව සඳහන්.

එහෙත් එල්ලී මියගොස් ඇති දරුවන්ගේ දෑත් පිටුපසට කර බැඳ තිබීම සැක සහිත බව ප්‍රදේශවාසීන් පවසනවා.

අද(27) පවතී මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ සිද්ධිය වූ දින නිවසේ සිටි කුඩා දියණිය සිය අයියා වූ මහණ දම් පුරන රත්නපුරයේ වෙසෙන වැඩිමහල් සොහොයුරාට අමතා පියා තමන්ව අත් බැඳ මරා දැමීමට උත්සාහ කරන බව දැනුම් දී ඇති බවයි.

එහෙත් පොලිසියට ලිපියක් හමු වී ඇති අතර එහි දැක්වෙන්නේ තමන් සියලු දෙනා කැමැත්තෙන් දිවි නසා ගන්නා බවයි.

පියා හා දියණියන් ජීවත් වන මෙම නිවසේ අපචාර සිදු වන බව මීට පෙර 119 පොලිස් අංකයට ආ පිටස්තර ඇමතුමකින් කියා ඇති බව තමාට දැනගන්නට ලැබුන බව ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයෙන් කඹුරුපිටියට වැඩම කළ මාදම්පේ උදිත හිමි හිරු වෙත සඳහන් කළා





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories