රෝහල්වලත් අඩුපාඩු ඇති බව පොලිස් ඇමති කියයි

Wednesday, 28 June 2017 - 19:30

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සරසවි සිසුන් ප්‍රචන්ඩකාරි ක්‍රියා සදහා පොලඹවන බවට නිතීය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක චෝදනා කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ් අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.  

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ සිසුන් තවදුරටත් මෙවැනි ආකාරයෙන් ක්‍රියාකළහොත් ඉදිරියේදී  මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් නිර්මාණය විය හැකි බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මෙරට රජයේ රෝහල්වල අඩුපාඩු පවතින බවද පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ ගැටුමකින් තොරව විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

අධිකරණයකින් වරදකරුවෙක් වී ඇත්නම් විශ්වවිද්‍යාල සිසුන් රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බවයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories