අරුක්කාඩුවට කසල දැමීමේ ක්‍රියාවලියට පුත්තලමෙන් බාධා

Thursday, 29 June 2017 - 15:09

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
පුත්තලම අරුක්කාඩුව ප්‍රදේශයට කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය වඩාත් වගකීමෙන් යුතුව සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් පෙනෙන්නට නොමැති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පුත්තලමේ බූරුවන් සිටින්නේයැයි සිතමින් වැඩකටයුතු සිදු කිරීමෙන් වැලකීමට දැන් කාලය උදා වී ඇති බවයි.

අරුක්කාඩුව ප්‍රදේශයට කසළ බැහැර කිරීම සඳහා පරිසර හිතකාමී වැඩපිළිවෙලක් අනුගමනය කරන බවට කළ ප්‍රකාශ මේ වන විට වෙනස් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අරුක්කාඩුව ප්‍රදේශයට කසළ බැහැර කිරීම පිළිබඳ වැඩිදුර විමසා බැලීමට ඊයේ (28) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැදවා තිබුනා.

මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින් බොහෝ දෙනෙකු සඳහන් කළේ  අරුක්කාඩුවට කසළ බැහැර කිරීම තවත් බරපතල ගැටළුවක් නිර්මාණය කිරීමක් බවයි.

නොරොච්චෝලේ බලාගාරය හේතුවෙන් දහනය වන ගල්අගුරු අළු බැහැර කිරීමද බරපතල ගැටළුවක් වී ඇතැයිද පුත්තලම සිමෙන්ති කර්මාන්තයෙන් පිටවන දුවිලි හා විෂ දුම් ජනජීවිතවලට බරපතල තර්ජන එල්ල කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම යපස් උණු කිරීම වැනි කර්මාන්ත හේතුවෙන් ප්‍රදේශයට බරපතල අවදානම් සහගත තත්ත්වයන් ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා දීර්ඝව පැහැදිලි කළේය.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories