පාසලේ ගැටුමකට සිසුන් 15 ක් අත්අඩංගුවට

Thursday, 29 June 2017 - 18:17

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පඬුවස්නුවර ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකට සම්බන්ධ සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පාසලේ 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පිරිසක් අතර කාලයක සිට පැවති ආරවුලක් මත ඊයේ මෙම ගැටුම සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ගැටුමෙන් තුවාල ලැබු සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 50000 බැගින් වු ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා.

මෙම නඩුව ලබන මස 10 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories