Hirunews Logo
%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
Monday, 17 July 2017 - 12:52
රොෂේන් චානක මියයාම ගැන විමර්ශන වාර්තාව එළි දකී
224

Shares
26,983

Views
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර 2011 වසරේදී වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණු අද එළිදැක්වුණා.

මෙම වාර්තාව වසර 06කට පසු මියගිය රොෂේන් චානකගේ මවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පසුගිය 13 වනදා ලබාදී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමේ උත්සහයක් පවතින බවට පවසමින් නිදහස් වෙළඳ කලාප සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේ මැයි මස 30 වැනිදායි.

එහිදී පොලිස් වෙඩි පහරින්  රොෂේන් චානක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලිමට හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදීම  හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළ අතර එම වාර්තාවේ අඩංගු කරනු ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැත්වුන උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගිය රොෂේන් ශානක කම්කරුවා ගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ප්‍රකාර පොලිසියට සහ ආයෝජන මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිදහස් වෙළද කලාප සහයෝගිතාවය රජයෙන් ඉල්ලා සිටින බවද බී බී සී වාර්තා කර තිබුනා.

රොෂේන් ශානකගේ මරණයෙන් වසර හයකට පසුව, මහානාම තිලකරත්න පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කර, විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට විරෝධය පළකරමින් සේවකයන් දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිසිය සහ ආයෝජන මණ්ඩලය කම්කරුවන් මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග නීති විරෝධී බව මහානාම තිලකරත්න කොමිසමේ නිගමනය වී ඇතැයි බී බී සිය වාර්තා කරනවා.

පොලිස් වෙඩි තැබීමට ආණ්ඩුව වගකිව යුතු බවට එල්ල වූ චෝදනාව සනාත කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් නොවූ බව සඳහන් කරන පරීක්ෂණ වාර්තාව, "අඩුම තරමින් වෙඩි තැබීමෙන් අනතුරුව හෝ පොලිසිය ඔවුන්ගේ අශිෂ්ඨ හැසිරීම නැවතිය යුතුව තිබුණු," බව ද සඳහන් කරන බවයි එහි දැක්වෙන්නේ.

එබැවින් "ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ සහ පොලිස් සේවයේ ප්‍රතිරූපය රැකගැනීම පිණිස එහි සිටි සියලුම ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගත යුතු," බව ද කොමිසම නිර්දේශ කර තිබෙනවා.

නිදහස් වෙළෙඳ කලාප කම්කරු අරගලය පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු මහාධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කරනු ලැබූ නමුත් රාජපක්ෂ පාලනය හෝ වත්මන් ආණ්ඩුව එම වාර්තාව ප්‍රකාශයට පත් කළේ නැහැ.

වසර හයකට පසුව පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට වත්මන් රජය පියවර ගත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රොෂේන් ශානකගේ මව, ඩබ්ලිව් ඩී ස්වර්ණලතා විසින් කරන ලද ඉල්ලීමකින් අනතුරුවයි.

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ඇයට වාර්තාව ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුලින් ප්‍රතික්ෂේප කර ඇති බවයි බී බී සී ය පවසන්නේ.

අවස්ථා දෙකකදීම එය ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කළ නමුත්, නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවය ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාර්තාව ලබාගැනීමට හැකි වූ බව නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවයේ කැඳවුම්කරු සුගත් රාජපක්ෂ සඳහන් කළ බවද බී බී සී ය වාර්තා කළා.

වාර්තාව ඉල්ලා තමන් "හැට අට වතාවක් උද්ඝෝෂණ පැවැත්වූ" බව පවසන සුගත් රාජපක්ෂ එය ලබාගැනීමට හැකිවීම විග්‍රහ කළේ තොරතුරු දැනගැනීමේ පනත හේතුවෙන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය ලෙසයි.

රොෂේන් ශානකගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ විභාග සඳහා මේ වාර්තාව යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාවය අධ්‍යයනය කරමින් සිටින බවද බී බී සි පුවත් සේවයේ සඳහන්.


 
ඒ  අනුව මහානාම තිලකරත්තන ඉදිරිපත් කළ නියාමනයේ සඳහන් කොන්දේසි කොටස් පහතින්.

අවුරුදු 6කට පසු රොෂේන් චානකගේ අම්මා කියන කඳුළු කතාව






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,316 Views
12,955 Views
5,037 Views
2,893 Views
57 Views
9,462 Views
Top